1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වනු ඇති.
සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ, 20 වැනි අප්‍රිකානු රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමත් සමගයි.
එම තරගාවලිය උගන්ඩාවේ දී පැවැත්වුණා.
අප්‍රිකානු රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සිම්බාබ්වේ සහ නැමීබියා කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණා. එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 30 ට 28 ක් ලෙසයි.
ඒ අනුව, ඔවුන් ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලැබූ අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලානයකට සහභාගී වන තෙවැනි අවස්ථාව මෙයයි.
මන් පෙර ඔවුන් 1987 සහ 1991 වසරවලදී රග්බි ලෝක කුසලාන තරගාවලි සදහා ක්‍රීඩා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














