දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ශ්‍රි ලාංකිකයින් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවට යොමුකිරීමට කොරියානු ජනරජයේ පළාත් පාලන ආයතන සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතයි.