අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක් හි සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස්වාර්තා සඳහන් කළේ, අමෙරිකානු -කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි බස්රථයක් පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවයි.
ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයින් මෙම බස්රථයේ ගමන් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 52 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරත් සමඟ පුද්ගලයින් බස්රථයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර එරට පොලීසිය පවසන්නේ බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවයි.
උණුසුම් පුවත්
- ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- චීන විදේශ ඇමති සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්
- තිළිණි ප්‍රියමාලිට වරෙන්තු
- සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
- විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
- නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
- දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්












