2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා.
ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට අරම්භ වනු ඇති.
මේ අතර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ,ඊයේ පැවති තරගාවලියේ 14 වන තරගයේදී ඉන්දීය කණ්ඩායම පරදා ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 03 ක ජයක් වාර්තා කිරීමත් සමගයි .
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තුන්වන මෙන්ම සිව්වන ස්ථාන පිළිවලින් එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව හිමි කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 07 වන ස්ථානයයි.