ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(11) පෙරවරුව් සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවේදී ලද ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර මත වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි එම සංගමය පවසන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මින් පෙර තීරණය කර තිබුණේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමටයි.