නීති විරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙත් මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 18 වනදා රාත්‍රී කාලයේදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් තුළ තිබී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 3532ක් අඩංගු බවුසර් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් පමණ වන කදිරාන, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














