ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් පිරිසක් විරෝධතාවයක නිරතව තිබෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී අද(08) උදෑසන මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රීවරියන් අත “සමරසිරි අපට එපා”, “පාසල් පද්ධතිය වලපල්ලට දානවද? කොණ්ඩම් දූ දරුවන් හට” සහ මන්ත්‍රී දීමනා ගන්නෙ නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි” ලෙසින් දැක්වෙන දැන්වීම් පුවරුද තිබූ බවයි වාර්තා වන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වූවා.
සභා වාරය ආරම්භවීමට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් මෙලෙස පෝස්ටර්ද ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවය දක්වා තිබෙනවා.
පසුව පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වී තිබෙනවා.