ගාලු පාර, හොරණ, කොළඹ ප්රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින් විශේෂ බස් රථ සේවාවක් අද සිට ආරම්භ කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් මෙම විශේෂ බස් රථ සේවවා ආරම්භ කර තිබුණා.
ඒ අනුව කොළඹට ඇතුළු වන මගීි ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ ධාවනය කරනවා.
කොළඹට ඇතුළු වීම සහ පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්රමාණයක් භාවිත කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමඟ විශාල පිරිසකගේ ප්රවාහන ගැටළු සඳහා විසඳුම් සැලසෙනවා.