පිටකොටුව තොග වෙළඳපොලේ සුදු සීනි මිල ඉහල ගොස් තිබෙනවා.
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් – 25ත් අතර, අගයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව මීට දින කිහිපයකට පමණ පෙර රුපියල් 255ක මිලකට අලෙවි වූ සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 275ත් – 280ත් අතර අගයක් ගෙන ඇති බව සඳහන්.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ එවැනි මිල වැඩිකිරීමක් සිදුව නොමැති බවයි.
මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා කියා සිටියේ රේගු අධිකාරිවරුන් පසුගිය දිනවල අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ බලපෑම හේතුවෙන් මෙලෙස සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.