චීනයේ ෂැන්හයි නුවර සිට ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසක් දක්වා වේගයෙන් පහළට ගමන්කර ඇති බව වාර්තා වනවා.
මෙම යානය මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටී ඇති අතර එහිදී යානාය අභ්‍යන්තරයේ පීඩනය පහත වැටී යානයේ සිටි මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට පත්වූ බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර පසුව යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබෙනවා.