සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා. මේ අනුව එදින දක්වා අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇතැයි සඳහන්. අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනු ඇති. සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
උණුසුම් පුවත්
- සියඹලාණ්ඩුවේ මළගෙදරක යන්න ගිය 7 දෙනෙක් ළඟ මත්ද්‍රව්‍ය
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්













