මන්නාරම සහ කඩුගන්නාව යන ප්‍රදේශවලදී දුම්රියක ගැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති බෙනවා.
පොලිසිය කියා සිටියේ මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 32ක් පමණ වූ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතදේහය ඥාතීන්ට භාරදී ඇති අතර මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කඩුගන්නාව දුම්රිය පොළ ආසන්නයේදී ද මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී මියගොස් ඇති බව කඩුගන්නාව පොලිසිය පවසනවා.
අකුරැස්ස කනන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් පමණ වන පුද්ගලයෙක් මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.