ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායක ධුරයන් පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) සිදු කෙරුණා.
ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදීයි.
එහිදී අම්බලන්ගොඩ ආසනය සඳහා පුෂ්පලාල් කුමාරසිංහත් වත්තල ආසනය සඳහා ජයතිස්ස රුද්‍රිගෝත් කටාන ආසනය සඳහා ආන්නද හරිස්චන්ද්‍ර ද සිල්වාත් දිවුලපිටිය ආසනය සඳහා ඉන්දික අනුරුද්ධත් පත් කෙරුණා.
ලිලී ගුණසිංහ පත් කෙරුණේ අත්තනගල්ල ආසනයේ නව සංවිධායකවරයා ලෙයසි.
ගම්පහ ආසනයේ සංවිධායක ලෙස රංජිත් ගුණවර්ධනත් ජාඇළ ආසනයේ සංවිධායක ලෙස මෙරිල් පෙරේරාත් මහර ආසනයේ සංවිධායක ලෙස සුදීමා චාන්දනීත් පත් කෙරුණා.
දොම්පේ ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ වර්ණන් ගුණරත්න වන අතර අබ්දුල් හසන් මොහොමඩ් රයාස් පුත්තලම ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.
වෙන්නප්පුව ආසනයට ටේරවින් ඇන්තනී අමල් ප්‍රනාන්දුත් කෝට්ටේ ආසනය සඳහා මිලින්ද රාජපක්ෂත් පැල්මඩුල්ල ආසනය සඳහා අරුණ නිලන්ත ජයසිංහත් රත්නපුර ආසනය සඳහා රංජිත් බණ්ඩාරත් පත් කෙරුණා.
කුලියාපිටිය ආසනය සඳහා සමන් ප්‍රියහේරත්ද මුල්කිරිගල ආසනය සඳහා කපිල දිසානායකද හිරියාල ආසනය සඳහා යූ.කේ. සුමිත් උඩුකුඹුර ද පත්කෙරුණා.
පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.