වර්තමානයේදී දහම් අධ්‍යාපනයෙන් දූ දරුවන් ඈත් වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවයි ඔහු සදහන් කළේ.
මෙම තත්ත්වය මගහරවා ගනිමින් පූජනීය ස්ථාන සුහුරු අධ්‍යාපනය ලබා දෙන ස්ථාන බවට පත් කළ යුතු බව නට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානයේ පැවති දහම් පාසල් ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළා.











