රිවෝල්වරයක් එම අවියට යොදන ජීව පතරොම් හයක්, ටී 56 ජීව පතරොම් 14ක් සහ පතරොම් ගැබක්, ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලදාරීන් කණ්ඩායමක් විසින් මිදිගම පොලිස් වසමේදී සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සූදානමින් සිටි සැකකරුවෙක් ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු පලා ගිය බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කෙරුණා.
ඒ අනුව පලාගිය සැකකරුවෙකු ඉබ්බාවල ප්‍රදේශයේ සැඟවී සිටින බවට විමර්ශන නිලදාරීන්ට ලදf තාරතුරක් මත එම සැකකරු ඊයේ(23) දින හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණ කරගත් තොරතුරු මත මිදිගම කපුවත්ත කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, එම අවියට යොදන ජීව පතරොම් හයක්, ටී 56 අවියට යොදන පතරොම් ගැබක්, එම ජීව පතරොම් 14ක්, විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් විමර්ශන නිලදාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු අද(24) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













