වසර 08ක කාලයක් පළාත් සභා ක්‍රියාත්මක නොමැති බවත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන බවත් මැදවච්චිය ආසන සංවිධායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඊයේ(19) මැදවච්චියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා මෙලෙස කියා සිටියා.
පළාත් සභා මැතිවරණය ලබන වසර මුල හෝ අවසානයේ වෙන්න පුළුවන්.
“දින වකවානු තවම තීරණය කරලා නෑ. ඇත්තටම පනතේ ගැටලුවක් තියෙනවා.
සමානුපාතික ක්‍රමයටද..? කොට්ඨාස ක්‍රමයටද..? පළාත් සභා මැතිවරණය තියන්න ඕන කියන කාරනාව පිළිබඳව
කොට්ඨාස නීර්ණයේදී ඇති වෙච්චි ගැටලුවක් විසින් දැන් එය අතරමැද නැවතිලා තියෙනවා.
ඉතින් ඒ තත්වයන් නිරාකාරණය වුණාට පසුව අනාගතයේදී පළාත් සභා මැතිවරණය තියන්න ඕන කරන සියලු කටයුතු ටික ආණ්ඩුව කරන්න සූදානම් කරමින් තියෙනවා.
ඒකට ඕන කරන මැදිහත් වීම් ටික කරගෙන යනවා.
සමගි ජන බලවේගය හා විපක්ෂයේ කඳවුර දැන් ප්‍රකාශ කරමින් තියෙනවා පාර්ලිමේන්තු අයත් ඉල්ලා අස්වෙලා පළාත් සභාවට ඉල්ලනවා කියලා.
කවුරු කොහොම ඉල්ලුවත් ගැටලුවක් නෑ. ජනතාව දුන්න ජනවරම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අපි සූදානම්.
ඒ වගේම තමයි විපක්ෂය අපට පලපුරුදු නැහැ කිවුවා.
හැබැයි අපි ආණ්ඩුව ගත්ත තැන ඉදලා අද ඉදිරියට ගෙනවිත් තියෙනවා.
ජාත්‍යන්තර සහය නැහැ කිවුවා. අදවන විට විදේශකයින් ලංකාවට පැමිණීම වාර්තා සහගත ලෙස ඉහල ගිහින් තියෙනවා.
අපි ජනතා ප්‍රශන් පියවරින් පියවර විසදගෙන ඉදිරි වසර කිහිපයේ දැවැන්ත සංවර්ධනයක් කරා රට ගෙනයනවා.”