රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක නිරත වී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ක්‍රිස්ටෝපර් ජෝකිම් ප්‍රගසම් සහ ටැන් චුවාන් ටැට් ඩැනියෙල්, යන පිරිසද එක වුණා.
නායකත්වය, ප්‍රතිපත්ති නවෝත්පාදනය සහ අනාගත සූදානම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ඵලදායී හා පුරවැසි කේන්ද්‍රීය පාලනයක් ලබා දීම සඳහා සිංගප්පූරුවේ රාජ්‍ය සේවය සූදානම් කිරීමේ දී සිවිල් සේවා විද්‍යාලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.
එකී දැනුම සහ අත්දැකීම් අප රටේ පරිපාලන ව්‍යුහයට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම විද්‍යාලයේ සංචාරයක නිරත වුණා.
මෙම සංචාරයේ දී සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෞරවයෙන් පිළිගනු ලැබීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය, පාලනය සහ පරිපාලන පුහුණුව සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික සාකච්ඡා රැසක නිරත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා ධාරිතා වර්ධනයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරමින් සිංගප්පූරුව සාර්ථකත්වය කරා ගිය ගමනේ දී විනයගරුක සහ ඉදිරි දැක්මක් ඇති සිවිල් සේවය සුවිශාල සේවාවක් කළ බවත් සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලන රාමු ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ හොඳම භාවිතයන් අනුවර්තනය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට තමා උනන්දු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවා.