ගාසා තීරය අත්පත් කර ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කරුණු පහකින් යුත් සැලැස්මක් සම්මත කර ගෙන තිබෙනවා.
යුද්ධය අවසන් කිරීම හා ගාසා තීරය නිදහස් කර ගැනීම අරමුණු කර ගනිමිනුයි මෙම යෝජනාවලිය සකස් කර ඇත්තේ.
හමාස් නිරායුධ කිරීම, සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු යැවීම ,ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කිරීම , භූමි ආරක්ෂක පාලනය අත්පත් කර ගැනීම සහ හමාස් හෝ පලස්තීන අධිකාරිය නොවන විකල්ප සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීම යන කරුණු මෙම සැලැස්මට ඇතුලත් වනවා.
ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කරගත් මෙම සැලැස්මට ලෝක නායකයින්ගෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා.