
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ කාලය අද දිනයෙන් අවසන් වනවා.
මේ වන විට පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකළ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතීඥ සංගම් කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ද ඊට එරෙහිව පෙත්සම් ගොනුකර තිබෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ඇතුලු තවත් පාර්ශ්ව කිහිපයක් පනත් කෙටුම්පතට පක්ෂව පෙත්සම් ගොනු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර අද දිනයේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනුකර ඇති සියලු පාර්ශ්වකරුවන් විසින් විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.














