
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් බලවේගයන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ඒ, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැකගැනීමේ අරමුණින්. වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් වසර 80කට ආසන්න කාලයක් ආරක්ෂා කළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවී යාමේ අවදානමකට මඟපෑදීමේ පැහැදිලි ඉඩක් සකස්විය හැකි බවට තමන් තරයේ විශ්වාස කරන බව ඔවුන් අවධාරණය කරනවා. ඒ හේතුවෙන් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්සත් සාමුහිකයක් ලෙස පෙළ ගැසෙමින් මෙම ප්‍රකාශයට අත්සන් තබ ඇති බවයි සඳහන් වන්නේ. නීතිඥ සාගර කාරියවසම්, දුමින්ද දිසානායක, සංජීව එදිරිමාන්න, ඩිලාන් පෙරේරා, රවී කරුණානායක, මුජිබුර් රහුමාන්, අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, එම්.ඒ සුමන්දිරන්, ජී.එල් පීරිස්, රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, සමන් රත්නප්‍රිය, මෛත්‍රි ගුණරත්න, වජිර අබේවර්ධන සහ රවී කුමුදේශ් යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියා.














