ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙවන වරටත් සත්කාරකත්වය ලබාගැනීමට ඉන්දියාවට අවස්ථාව හිමි වනවා.
අවසන්වරට 2010 වසරේ දී දිල්ලි නගරයේ සත්කාරකත්වය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් ඔවුන් පවත්වා තිබුණා.
මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ එම වසරට ක්‍රීඩා උළෙලේ සියවස් සංවත්සරය යෙදී තිබීමයි.
ක්‍රීඩා උළෙල ආරම්භ කර ඇත්තේ 1930 වසරේ කැනඩාවේදීයි.
නයිජීරියාවේ අබුජා නගරය ද 2030 සත්කාරකත්වය ලබාගැනීමට සූදානම්ව සිටියත්, පසුව ඔවුන් සිය තීරණය ඉවත්කරගෙන තිබෙනවා.
මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ වසර 5කට පෙරයි.