වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුණ රජය සමග සිටි සියලු රණවිරුවන් මේ වන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත්වැල් බැදගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම්. කීර්තිරත්න බණ්ඩාර මහතා පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට විජේරාම නිවසට මැදවච්චිය පිරිස් ගිය සිදුවීම මුල්කරගනිමින් ආණ්ඩුවේ හැසිරීමේ ක්‍රියා දාමයට විරුද්ධව මැදවච්චිය නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රබල පාක්ෂිකයින් පිරිසක් මන්නාරම් මාර්ගයේ පිහිටි ගණ දෙවිකෝවිලට පැමිණි පොල් ගසා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා විසින් මෙය සංවිධානය කර තිබුණා.
එහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබද සියලු දෙනා මේවන විට කලකිරී ඇති බවත්, සිංහල සිරිත් විරිත් අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ගිය අවස්ථාව මුලකර ගනිමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳ කණගාටු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා කියා සිටියා.
වත්මන් ජනාධිපතිවරයාට 2029 වර්ෂයේ හැකි නම් ජනාධිපතිවන ලෙසට අභියෝග කරන බවත් 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට මෙරට විශ්‍රාමික රණවිරුවන් සැදී පැහැදී සිටින බවත් මේවන විට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වටා සිටි රණවිරුවන් නාමල් මහතා වටා අත්වැල් බැදගනිමින් සිටින බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා එහිදී කියා සිටියා.
දුටුගැමුණු රජ කාලයේ වත්මන් ආණ්ඩුවේ පිරිස් නොසිටීම හේතුවෙන් දුටුගැමුණු රජුට බෙල්ලට තොන්ඩුව නොවැටුණ බවත් එදා විජේරාම නිවසින් රණවිරුවෙකු ලෙස දෙයත් එක්කරමින් වැදලා ඉල්ලු දේ අද නැවතත් සැලුයුට් එකක් ගසා වත්මන් ජනාධිපතිවරයාටගෙන්දෙකෝටි විසි ලක්ෂයක භාරකරු ලෙස සිටින ලෙසට ඉල්ලා සිටින බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා කියා සිටියා.