පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද පැවති “පශ්චාත් අයවැය කතිකාවත 2025” (POST BUDGET FORUM 2025 ) සංවාදයට එක්වෙමින්.
ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කර නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කියා සිටියා.
බංකොලොත්භාවයට පත් වූ රටක් නැවත ගොඩනැගීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමත් ශ්‍රී ලංකාවට ඉන් මිදීමට දශකයට වඩා අඩු කාලයක් ගත කාලයක් ගත වේ යැයි පුරෝකථනය කළ හැකි බවත් මෙහිදී ජනපතිවරයා පැවසුවා.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1%ක් දක්වා වර්ධනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමුඛතාවන් හඳුනාගෙන මුදල් වැය කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.