2027 ලෝක කුසලාන රග්බි තරගාවලිය සදහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු ශූරතා පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.
දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 4 ට කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
දකුණු කොරියාව මේ වන විට රග්බි ශ්‍රේණිගත කිරීමේ 35 වැනි ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව එහි 39 වැනි ස්ථානයේ පසුවනවා.
අද තරගය වෙනුවෙන් තරින්ද රත්වත්තේ කණ්ඩායම මෙහෙයවන අතර, ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක ඇඩම් ගවුඩර් ද කණ්ඩායමට ඇතුළත්.