
2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත ස්ථාන 10 අතරට මෙරට ගාල්ල නම් කිරිමට පියවර ගෙන තිබෙනවා.
ඒ ලෝක ප්‍රකට ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය විසින්.
මධුසමය ගත කිරීමට විවාහක යුවළ විසින් තෝරා ගන්නා ලද ගමනාන්ත සම්බන්ධයෙන් වසරක කාලයක් දත්ත රැස් කිරීමෙන් අනතුරුවයි මෙම ස්ථාන නම් කර ඇත්තේ .
පෞරාණික උරුමය, චමත්කාරය සහ වෙරළබඩ සුන්දරත්වය යන අද්විතීය මිශ්‍රණය හේතුවෙන් ගාල්ල එම ඇඟයීම හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.
එම වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දුනීසියාවේ බාලි දූපත හොඳම මධුසමය ගමනාන්ත අතර පළමු ස්ථානයේ පසුවනවා.
අනතුරුව පිළිවෙළින් මොරිෂස්මා, මාලදිවයින, ශාන්ත ලුසියා, දෙවන තුන්වන සහ හතර වැනි ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.
6 වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ වියට්නාමයේ හියු නගරයයි .













