ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් කාරක සභාවේදී සඳහන් කර ඇත්තේ පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බවයි.
කෙසේ වෙතත් ලබන 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බව සෞඛ්‍ය නිලධාරීන් කාරක සභාව හමුවේ අවධාරණය කර තිබෙනවා. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් සියයට ඇසුවත්, සියයට අනුවත්, අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වෙනු ඇතැයිද අපේක්ෂා කරන බවයි ඔඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ.
මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි අදාළ නිළධාරින්ගෙන් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිළධාරීන් පවසා ඇත්තේ මේ වන විට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බවයි.