2026 – 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද සිට මාර්තු 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් අද පෙරවරු 11ට පාකිස්තාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සි ක්‍රීඩාංගනයේදියි
එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර තරගය අද පස්වරු 3ට කොල්කටාහි ඊඩන්ස් ගාර්ඩන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව සහ ඇමරිකාව අතර තරගය අද රාත්‍රී 7 මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එළඹෙන 8 වෙනිදා රාත්‍රී 7ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.














