2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර තිබෙනවා.
එළැඹෙන වසර වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක්.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙනවා..
එළඹෙන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11ක මුදලක්.
එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක වැඩිවීමක්..
ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී තිබෙනවා.
එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර ඇති බවයි සදහන් වන්නේ.
2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3800ක් ලෙස එහි දක්වා තිබෙනවා.
එම ණය සීමාව ඉක්මවා යාමක් සිදු නොවිය යුතු බවයි ගැසට් කළ පළකළ විසර්ජන පනත් කෙටුම්පතේ දක්වා ඇත්තේ.