ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ෂක්‍ක් යෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැති වුවත්, ඒ සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ තෝරාගෙන තිබෙනවා.
විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය මාර්තු 8 වනදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර ඇති කරගත් එකඟතාව අනුව, ඔවුන්ගේ රටක් සත්කාරකත්වය දරන අවස්ථාවකදී මධ්‍යස්ථ ස්ථානයකදී ක්‍රීඩාකරනු ලබනවා.
ඒ හේතුවෙන් පාකිස්තානය ඔවුන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අතර, ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පවත්වනු ඇති.
ෂක්‍ක් නිර්ණායක අනුව තරගාවලිය ආරම්භවීමට මාස 3කට පෙර තරග කාලසටහන නිකුත්කළ යුතුව ඇති අතර, ඒ අනුව බොහෝ දුරට එළැඹෙන සතියේ දී එය නිකුත් කරනු ඇති.
මෙවර තරගාවලියට කණ්ඩායම් 20ක් ක්‍රීඩාකරන අතර, ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩාකරනු ලබනවා.
සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමගින් ඇෆ්ගනිස්තානය, ඔස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මම තරගය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
එමෙන්ම නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව හා සිම්බාබ්වේ යන කණ්ඩායම්ද මේ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.













