2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ කෙරුණා.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද(05) දින සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9 වැනිදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බවද වාර්ත වනවා.
සිංහල සහ දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22 වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26 වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගැනුණා.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු පළම පාසල් වාරය අද(05) දින ආරම්භ කළ බවත් හැටන් කලාපයේ සියලුම වතු පාසල් සහ නගරබද පාසල් සියල්ල විවෘත කළ බවත් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා.












