2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා.
ග්‍රාම සේවක නිලධාරීන් නිවෙස් වෙත පැමිණ තොරතුරු ලබාගැනීම සිදු නොකරන අතර අලුතින් නම් ඇතුළත් කිරීමට අවශ්‍ය නම් ග්‍රාම සේවක කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලයට පැමිණ එම කටයුතු සිදුකරගත හැකි බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.












