ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද එළිදැක්වීමට නියමිතයි.
ඒ මුම්බායිහීදීයී.
මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.
ඒ අනුව කණ්ඩායම් 20 ක් තරගාවලියට එක්වන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 55 ක් පැවැත්වීමට නියමිතයි.
මෙම නිල උත්සවය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් වන රෝහිත් ෂර්මා, සූර්ය කුමාර් යාදෙව්, හර්මන් ප්‍රීත් කෞර් එක් වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ ඇන්ජලෝ මැතිව්ස් වීම විශේෂත්වයක්.
මෙරට වේලාවෙන් අද පස්වරු 6.30 ට නිල කාලසටහන එළිදැක්වීමේ උත්සවය ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය එළැඹෙන වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













