ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද එළිදැක්වීමට නියමිතයි.
ඒ මුම්බායිහීදීයී.
මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.
ඒ අනුව කණ්ඩායම් 20 ක් තරගාවලියට එක්වන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 55 ක් පැවැත්වීමට නියමිතයි.
මෙම නිල උත්සවය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් වන රෝහිත් ෂර්මා, සූර්ය කුමාර් යාදෙව්, හර්මන් ප්‍රීත් කෞර් එක් වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ ඇන්ජලෝ මැතිව්ස් වීම විශේෂත්වයක්.
මෙරට වේලාවෙන් අද පස්වරු 6.30 ට නිල කාලසටහන එළිදැක්වීමේ උත්සවය ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය එළැඹෙන වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














