මෙම වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කොමිෂන් සභාව වෙත පැමිණිලි 2,138 ක් ලැබී ඇති බවයි. 2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිෂන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221 ක් වන බව සඳහන්. ඉන් පැමිණිලි 224 ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524 ක් විමර්ශනය නොකිරීමටද තීරණය කර තිබෙනවා. මේ අතර පැමිණිලි 282 ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වසරේ ගත වූ මාසය පහට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44 ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථක වූ වැටලිම් 25 කදී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
උණුසුම් පුවත්
- රටේ පාතාලය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
- බලශක්ති ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
- ගමේ දරුවන්ට වැසුනු පාසල මත්ලෝලින්ගේ පාරාදීසයක් වෙලා
- රතන හිමි සහ හල්ලොලුව අල්ලන්න වරෙන්තු
- ඩයනගෙන් ජනපති අනුරට රෝස මල් මිටක් – VIDEO –
- විශ්වාසභංගයට උතුරේ සහය ? – VIDEO –
- හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න යළි රිමාන්ඩ්
- හර්තාලයේ යටි අරමුණ ගම්මන්පිළ හෙළිකරයි – VIDEO –