2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02 දින දක්වා පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරනවා.
2025 තරගාවලිය සඳහා ලීග් තරග 28ක් සහිත රවුන්ඩ් රොබින් ආකෘතියකින් කණ්ඩායම් අටක් සහභාගි වනවා.
තරගාවවලියේ තරග ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ පහකදී 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ පහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඉන්දියාවේ බෙගලාරු, ගුවහාට්, ඉන්දෝර්හි සහ විශාකාපට් හිදීයි.