2025 ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට අදාළ තාක්ෂණික වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී තිබෙනවා.
මෙම තාක්ෂණික වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීම සිදුකළේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා මහතායි.
මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන මහජන සෞඛ්‍ය ජයග්‍රාහණයන් හි ප්‍රමුඛතම සන්ධිස්ථානයක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
අදාළ තාක්ෂණික නිර්දේශ හා සැලසුම් ජාතික එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී බෙහෙවින් වැදගත් බව ද ඒ මහතා සඳහන් කළා.