මෙම වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කොමිෂන් සභාව වෙත පැමිණිලි 2,138 ක් ලැබී ඇති බවයි. 2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිෂන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221 ක් වන බව සඳහන්. ඉන් පැමිණිලි 224 ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524 ක් විමර්ශනය නොකිරීමටද තීරණය කර තිබෙනවා. මේ අතර පැමිණිලි 282 ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වසරේ ගත වූ මාසය පහට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44 ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථක වූ වැටලිම් 25 කදී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
උණුසුම් පුවත්
- වසරේ විශාලතම උල්කාපාත වර්ශාව අද රාත්‍රියේ
- ජාතික පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්
- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
- කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි
- ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක
- ප්‍රජා ශක්ති යටතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඩිජිටල් කරණයට පියවර
- “කන්න දුන් නැතිටික විතරයි.අම්මව පාවිච්චි කරන්න එපා මල්ලි” ශිහාන්ට මලපනියි













