මෙම වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කොමිෂන් සභාව වෙත පැමිණිලි 2,138 ක් ලැබී ඇති බවයි. 2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිෂන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221 ක් වන බව සඳහන්. ඉන් පැමිණිලි 224 ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524 ක් විමර්ශනය නොකිරීමටද තීරණය කර තිබෙනවා. මේ අතර පැමිණිලි 282 ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වසරේ ගත වූ මාසය පහට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44 ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථක වූ වැටලිම් 25 කදී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
උණුසුම් පුවත්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි














