දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය.
මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ අතරින් නව නිෂ්පාදිත 100කට අධික සංඛ්‍යාවක් පළමුවෙන් එළිදැක්වීම ද විශේෂත්වයකි. සම්පූර්ණ මානවරූපී රොබෝ නිෂ්පාදන සමාගම් පනහක් එක්ව ඇති අතර, එය වාර්තාගත සංඛ්‍යාවකි.
චීනය අඛණ්ඩව වසර 12 ක් පුරා ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ සහ ලොව විශාලතම රොබෝ නිෂ්පාදකයා වේ. වර්තමානයේ, කාර්මික රොබෝවරු ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ 71කට සහ මධ්‍යම පරිමාණයේ අංශ 236කට භාවිත කෙරේ. චීනයේ මානවරූපී රොබෝවරුන්ගේ සංචලනය සහ ශක්‍යතාව පිළිබඳ කැපීපෙනෙන ප්‍රගතීන් අත්කර ගෙන ඇති අතර ගෝලීය වශයෙන් ප්‍රමුඛස්ථානයේ සිටී. චීන මානවරූපී රොබෝවරුන් ගෘහස්ථ සේවා, නිෂ්පාදන, ගබඩා සහ සැපයුම් ක්ෂේත්‍රයන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ