2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා.
වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ සුපිරි ධාවනයක නිරත වූ යෙවාන් තියුණු ජයක් හිමි කරගත්තේ විනාඩි 31 යි තප්පර 41.069 කින් තරගය අවසන් කරමින්.
ඔහු අඛණ්ඩව යුරෝ ෆෝමියුලා තරගයක් ජයගත් තෙවන අවස්ථාව මෙයයි.
මීට පෙර යෙවාන් පෘතුගාල යුරෝ ෆෝමියුලා තරගාවලියේ අවසන් තරග දෙකේ ජය තහවුරු කර ගැනීමටද සමත් වුනා.