2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා.
ඒ, ඉන්දියාවේ රාන්චි හිදීයි.
සිව්වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගි වනවා.
අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනකු ඉසව් 9 ක් යටතේ තරග බිමට පිවිසෙනු ඇති.
ඒ අනුව අද රාත්‍රි 7.30 ට පළමු ඉසව්ව ලෙස යෙදී ඇති පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික තරගය පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමෝද් යෝධසිංහ සහ සඳුන් දියලවත්ත සහභාගිවීමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ භූතානය සහභාගි වනවා.










