විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා .
ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි.
සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උලෙළේ අරමුණ වෙනවා.
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ්, මාධ්‍ය පර්යේෂණ හා පාසල් මාධ්‍ය ඒකක සඳහා සම්මාන පිරිනැමීම මෙහි දී සිදු කෙරෙනවා.
මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමාණීක මෙහෙවර අගය කරමින් දිවියේ එක් වරක් පමණක් පිදෙන ” මාධ්‍යාභිමානී ” සම්මාන හා මුදල් ත්‍යාග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හය දෙනකු සඳහා පිරිනැමීමට ද නියමිතයි.
සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබෙනවා.













