2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.
දකුණු කොරියාවේ අද පැවති මෙම තරගාවලියේදී රුමේෂ තරංග මීටර් 82.05ක ආකර්ෂණීය විසි කිරීමකින් සිය ජයග්‍රහණය තහවුරු කළා.
මේ අතර දකුණු කොරියාවේ පැවති 2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ විසින් හිමිකරගෙන තිබෙනවා.
එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර 57. 53ක්.
මෙම ජයග්‍රහණය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද සනිටුහන් කරනවා.