2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.
තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ ජාතික කණ්ඩායම් චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.