2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළා.
ඒ අනුව තරගාවලිය ජූලි පළමු වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
එහිදී තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරයන් වූ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ අනුශූරයන් වූ දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි.
එල්.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලිය සදහා ක්‍රීඩාංගන 3 ක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පළමු තරග පහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එමෙන්ම ඊළග තරග 9 පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. දඹුල්ලේ දී එල්.පී.එල්. තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ජූලි 13 වැනිදා සිට පැවැත්වෙන මූලික වටයේ අවසන් තරග 6 පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංනයේ දී යි.
මේ අතර අවසන් මහා තරගය ජූලි 21 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති අතර, ජූලි 22 වැනිදා අවසන් තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
උණුසුම් පුවත්
- ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
- රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
- මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
- වෙසක් පොහෝ දිනයට සමගාමීව මත්පැන් අලෙවි සැල් වැසේ
- ජනාධිපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්
- කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වෙන්නේ නැ – දිලිත් කියයි
- ඉන්දියාව පිප්රාහ්වා කෞතුක වස්තු යළි ඉල්ලයි
- නව පාප් වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.