2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල් තරඟාවලිය අදින් ආරම්භ වනවා.
අද පැවැත්වෙන පළමු තරඟය ගියවර ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
චෙන්නායී හීදී පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි.
මෙවරද අයි.පී.එල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රිඩා කරනු ලබනවා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.
මීට අමතරව මුම්බායි ඉන්දියන්ස්, පන්ජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම්ද මෙවර අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.
මෙවර අයි.පී.එල් තරඟාවලිය අධියර දෙකක් යටතේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඒ ඉන්දීය මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන්.
ඒ අනුව අදින් ආරම්භ වන අයි.පී.එල් තරඟාවලියේ පළමු අධියර ලබන අප්‍රෙල් 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට මැතිව් ෆෝඩ් සමත් වෙයි
- යුක්රේන – රුසියා සිරකරුවන් 390ක් හුවමාරු කර ගනී
- සජබ තවත් සංවිධායකවරු තිදෙනෙක් ඉල්ලා අස්වීමේ සුදානමක්
- ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
- ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
- උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අගමැතිනිය කියයි
- හිටපු ඇමති දුමින්ද අධිකරනයට
- තංගල්ලේ මාරක බස් අනතුරක්