2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල් තරඟාවලිය අදින් ආරම්භ වනවා.
අද පැවැත්වෙන පළමු තරඟය ගියවර ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
චෙන්නායී හීදී පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි.
මෙවරද අයි.පී.එල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රිඩා කරනු ලබනවා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.
මීට අමතරව මුම්බායි ඉන්දියන්ස්, පන්ජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම්ද මෙවර අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.
මෙවර අයි.පී.එල් තරඟාවලිය අධියර දෙකක් යටතේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඒ ඉන්දීය මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන්.
ඒ අනුව අදින් ආරම්භ වන අයි.පී.එල් තරඟාවලියේ පළමු අධියර ලබන අප්‍රෙල් 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 
උණුසුම් පුවත්
- නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
- වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
- අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
- දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
- පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
- අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්














