ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර තිබෙනවා.
මීට අමතර පොලී ආදායම්, මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ ඇතුළුව දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව රු. බිලියන 227.25 ක ශුද්ධ ආදායමක්, දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව මහ බැංකුව උපයා තිබෙනවා.
පසුගිය වර්ෂය තුළ දී මහ බැංකුවේ සේවක මණ්ඩල වියදම් ලෙස, වැටුප සහ වේතන වෙනුවෙන් දරා ඇති වියදම රු. බිලියන 10.51 කි. 2023 වසරේ දී මෙම අගව වාර්තා වී තිබුණේ රු. බිලියන 7.25ක් ලෙසයි.