ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට අද දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි වනවා.
සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවියේ වඩාත් අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් සඳු ගමන් කිරීම හේතුවෙන් පැයකුත් විනාඩි 22 ක කාලයක් සඳ අඳුරු වීම මෙහිදී සිදු වනවා.
පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 8.58 සිට පසුදා අලුයම 2.25 දක්වා පවතිනු ඇති.
මෙම චන්ද්‍රගහණයේ ඇති විශේශත්වය වන්නේ චන්ද්‍රයා තද රතු පැහැයෙන් දිස් වීමයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 7 සිට චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ කඳවුරක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට නැවත අවස්ථාව නොලැබෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාසදහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














