වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙසැම්බර් 03 වන දින කොස්ගම, බොරවගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අපරාධය සිදු කළ වෙඩික්කරු, යතුරුපැදියේ පැදිකරු සහ සැකකැරුවන්ට නවාතැන් ලබාදෙමින් අපරාධයට ආධාර අනුබල ලබාදුන් සැකකාරියක් ඊයේ(10) දින තුම්මෝදර ප්‍රදේශයේදී එම කොට්ඨාසf් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 31 හා 45 වයස්වල පසුවන රුවන්වැල්ල සහ තුම්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 43ක් වන තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් විසින් අපරාධය සඳහා යොදාගත් රිවෝල්වර් අවියක්, ජංගම දුරකථනයක් පොලිසිය විසින් ඔවුන්ගේ ප්‍රකාශ මත සොයා ගෙන ඇත බවයි පොලිසිය කියා සිටියේ.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදර විමර්ශන සිදු කරනු ලබනවා.











