හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ එම දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.
ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කරනු ලැබූ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.