අස්වැසුම මුදල් වංචා කළ කාර්යාල කාර්ය සහයකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්.
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කාර්යාල කාර්ය සහායකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකාර කාර්යාල කාර්ය සහායකවරයා විසින් රුපියල් ලක්ෂ 41ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමට නියමිතයි.